නුවරඑළිය වසන්ත සැලකිලිය ඉලක්ක කර ගනිමින් නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකයෙන් ආහාර පාන සමග කටයුතු කරන සේවක සේවිකාවන්ට විශේෂ වෛරස් මර්දක එන්නතක්.

doctor1

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
03.03.2024

නුවරඑළිය වසන්ත සැලකිලිය ඉලක්ක කර ගනිමින් නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකයෙන් ආහාර පාන සමග කටයුතු කරන සේවක සේවිකාවන්ට විශේෂ වෛරස් මර්දක එන්නතක්.
නුවරඑළිය නාගරික සීමාව තුල ආහාර හා පාන පරිහරණ කරන හෝටල් අවල්හල් හා ආයතනවල සියලුම සේවක සේවිකාවන්ට ටයිපොයිඩ් එන්නත ලබාදීම මෙම දින කිහිපය තුළ නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකය මගින් පසුගිය 01 දින සිට මෙම සතිය පුරාවට සිදුකරන බව නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් මහතා පවසයි ,
එළැඹෙන අප්‍රේල් මාසයේ වසන්ත සැණකෙළිය වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයන් ලක්ෂ ගණනින් නුවරඑළිය නගරයට පැමිණෙන බැවින් ඔහුන් සියලු දෙනාගේ ආහාර පරිභෝජනයේ ආරක්ෂාව වෙනුවෙන් සැලමනෙල්ලා ආසාදන වැළැක්වීම සහ ආහාරපාන මගින් බෝවන ටයිපොයිඩ් උණ ආසාදනය නොවීමට පෙර සූදානමක් වශයෙන් මෙම එන්නට ලබා දීමට කටයුතු කරන බවද එතම පැවසීය ,
මෙම එන්නත නුවරඑළිය නගර සීමාව තුළ ක්‍රියාත්මක වන හෝටල් ආපනශාලා ආහාර නිෂ්පාදනාගාර රාජ්‍ය හා පෞද්ගලික අංශ නිවාඩු නිකේතන යානාදියේ මුලුතැන්ගෙයි සේවක සේවිකාවන් සහ ආහාරපාන පිළිගන්වන්නන් හට මෙම එන්නට ලබාදීමට මෙම සතිය තුළත් කටයුතු කරන අතර එන්නත් ලබා ගැනීමට අපේක්ෂා කරන්නන් සියලු දෙනා නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකයට පැමිණ එන්නත් ලබා ගැනීමට අවස්ථාව උදාකර දී ඇති බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් මහතා පැවසීය .
FILE NAME – SPECIAL VACCINES FOR NUWARAELIYA