නීතිවිරෝධි අයුරින් විදේශ මුදල් තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (02) පෙරවරුවේ ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ – 1183 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ වූ නවකතා පොත් අතර සහ සිය සිරුරෙහි යූරෝ 48,900ක්, අමෙරිකානු ඩොලර් 14,000ක් සහ ඉන්දියානු රුපියල් 26,650ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
එහි වටිනාකම ශ්‍රී ලංකානු රුපියල් දෙකෝටි විසි හතර ලක්ෂ අනූ දහස් හත්සිය හතලිස් අටක් වන බව වාර්තාකරු සඳහන් කළේය.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු මොහු අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

