නාඳුනන පිරිසක් විසින් උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනි තැබීමෙන් එහි සිටි තරුණියක් මියගොස් තවත් පුද්ගලයන් 09 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
අද (23) අලුයම වවුනියාව, තෝනික්කල් ප්රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ, 21 හැවිරිදි ඕමන්ත ප්රදේශයේ පදිංචිකාරිනියක් බවයි සඳහන් වන්නේ.
මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ නිවසට ගිනි තබා ඇති බවට CCTV දර්ශන මඟින් අනාවරණය කරගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

