නිල සංචාරය නිමකළ ඉන්දීය විදෙස් ඇමති ජයිශංකර් දිවයිනෙන් පිටව යයි….

News Iamges.00_00_00_03.Still1198

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සිය දෙදින නිල සංචාරය නිමකරමින් මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ ඔහු ඊයේ (22) මෙරටට පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානාවෙනි.

එතුමා මෙරට රැඳී සිටි කාළය තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතුළු රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා පවත්වා තිබුණි.

ජයිශංකර් මහතාට සමුදීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිට තිබේ.