නිදහස් සැමරුමට කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව සහභාගී නොවීමට තීරණය කරයි

siril-gamini-34

රට තුළ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක විශාල මුදලක් වැය කරමින් සිදුකරන නිදහස් සැමරුමට කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව සහභාගී නොවන බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. ඒ අනුව අද (01) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ, ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ ගැටලු රැසකින් ජනතාව පීඩා විඳින අවස්ථාවක රුපියල් මිලියන 200 කට අධික මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස සැමරීමට ඇති නිදහස කුමක්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි. මෙවැනි අර්බුදකාරී තත්ත්වයක මෙවැනි විශාල මුදලක් වැයකර පුහු නිදහස් දින උත්සවයක් පැවැත්වීම ජනතාවට එරෙහිව සිදුකරන මහා අපරාධයක් බවට අවධාරණය කරන බවයි සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ.