හෙට (04) දිනයේ පැවැත්වීමට නියමිත 75 වන ජාතික නිදහස් දින සැමරුමට එරෙහිව කොළඹ දී පැවැත්වීමට නියමිත විරෝධතා සම්බන්ධයෙන් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව හෙට දිනයේ දී කිසිදු ආකාරයකින් ජාතික නිදහස් සැමරුමට බාධා වන අයුරින් විරෝධතා නොපැවැත්විය යුතු බවත්, නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන ඒ අවට ප්‍රදේශයට විරෝධතාවයක් පැවැත්වීම සඳහා ඇතුළු වීමත් වළක්වාලමින් අධිකරණය විසින් මෙම නියෝගය කර තිබෙනවා.
කොටුව පොලීසිය කළ ඉල්ලීමකට අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

