නැගෙනහිර මුහුදේ ධීවර කටයුතුවලට නැවත දැනුම්දෙන තුරු නොයන ලෙස දැනුම්දීමක්

04af5b2e-214502_550x300_crop

දිවයිනට නැගෙනහිර මුහුදු කලාපයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (31) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතු සඳහා යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

ඒ අනුව දැනට මෙරට නැගෙනහිර මුහුදු කලාපයේ රැකියාවේ නියුතු ධීවර යාත්‍රා ආරක්ෂිත කලාපයක් වෙත යාත්‍රා කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ධීවරයන් හට දැනුම් දෙන්නේ.