නාරම්මල වෙඩි තැබීමේ සිද්ධියේ උප පොලිස් පරීක්ෂකවරයා 23 දක්වා රිමාන්ඩ්

court-2

නාරම්මල දී ඊයේ (18) ලොරි රථ රියදුරෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහු අද (19) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ රාත්‍රියේ නාරම්මල නගරයේ දී ගිරිඋල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක සිටි පුද්ගලයෙකුට අදාළ නිලධාරියා විසින් වෙඩි තබා තිබුණා.