නායයාමක් නිසා අවහිර වී තිබුනු බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගය යළි විවෘත කෙරේ

weather-warning-1

නායයාමක් නිසා සතියක පමණ කාලයක් අවහිර වී තිබුනු බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගය ගමනාගමන කටයුතු සඳහා යළි විවෘත කර තිබෙනවා.

අද (16) දහවල් එම මාර්ගය විවෘත කළ අතර, පිළිසකර කිරීමෙන් පසු  එම ස්ථානයෙන් ගමන් කිරීමට සුදුසු තත්ත්වයක තිබේදැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයන් විසින් පරීක්ෂා කළ බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන පවසා සිටියේ.

බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගය 7 කණුව ප්‍රදේශයේ ඉකුත් 9 වනදා සිදුවූ නායයාමක් නිසා දින 7 ක පමණ කාලයක් මාර්ගය අවහිර වී ගමනාගමනය ඇණ හිට තිබුණා.