නානුඔය අනතුරෙන් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් වෙත වන්දි ලබාදීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිව තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඊයේ (23) පැවති කැබිනට් හමුවේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
නානුඔය ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක්, වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටී පසුගිය 20 වනදා රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පිරිසක් තුවාල ලබා තිබුණා.

