අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු කුලතුංග මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

