නව විදුලි ගාස්තු ජුනි මස 30 වනදා ප්රකාශයට පත්කරන බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජිත ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාවගේ දැනගැනීම පිණිස ජුනි මස 01 වනදා ප්රසිද්ධ කිරීමට පියවර ගන්නා බවයි එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ.
ඒ අනුව ජුනි 01 වනදා සිට ජුනි 20 වනදා දක්වා මහජනතාවට සිය අදහස් හා යෝජනා ලිඛිතව ඉදිරිපත් කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

