පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත ඔස්සේ ආයුර්වේද ක්ෂේත්රයට අදාළව රට තුළ කංසා වගා කිරීමේ බලය ලැබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.
නීතිමය ප්‍රතිපාදන නොමැතිව කංසා වගා කළහොත් සිරගත වීමට සිදුවිය හැකි බවත්, ඉදිරිපත් කරන නව පනත සම්මත වන දිනය අනුව මෙහි කාල රාමුව තීරණය වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව ආයුර්වේද කොමසාරිස් විසින් ඒ සඳහා වන රෙගුලාසි පැනවිය යුතු බවයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි වැඩි දුරටත් සඳහන් කළේ.

