නවම් පුර පසළොස්වක පොහොය අදයි

R

නවම් පුර පසළොස්වක පොහොය අද (05) ට යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ දී සැරියුත් මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, තථාගතයන් වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීම, බුදුන් වහන්සේ පිරිනිවනට මාස තුනකට ප්‍රථම ආයු සංස්කාරය අත්හැරීම ආදී කරුණු රැසක් නවම් පුර පසලොස්වක පොහොය දිනයේ සිදුවී ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු භික්ෂූ වහන්සේලා රජගහ නුවර වේළුවනාරාමයට එක්රැස් කර පළමු වරට සංඝ සම්මේලනයක් පවත්වන ලද්දේ අද වැනි නවම් පොහොය දිනයක බවයි සඳහන් වන්නේ.