ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා කිහිපයක් ඕස්ට්‍රේලියානු පොලීසිය ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව නඩුව අද (18) කැඳවූ අවස්ථාවේදී සිඩ්නි අධිකරණය සඳහන් කළේ, ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා හතරෙන් තුනක් පොලීසිය විසින් ඉවත් කරගෙන ඇති බවයි.
2022 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී එරට කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම නඩුව ජූලි 13 වනදා නැවත කැඳවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

