දෙවෙනි කුඹල් පෙරහැර අතරතුර ඇතුන් දෙදෙනෙක් නොසන්සුන් වෙයි

elephant-kandy

මහනුවර ඇසල මහා පෙරහැරේ දෙවෙනි කුඹල් පෙරහැර පැවති ඊයේ (22) දිනයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

එම පෙරහැර අතරතුර පෙරහැරේ ගමන් ගත් ඇතුන් දෙදෙනෙකු කුලප්පු වීම හේතුවෙන් මෙම නොසන්සුන්තාව මතුවූ බවයි සඳහන් වන්නේ.

එම අවස්ථාවේ පෙරහැර නැරඹීමට පැමිණි පිරිස් හිස් ලූ ලූ අත දිව ගොස් ඇති අතර නුවර වැව රවුමේ පෙරහර නරඹමින් සිටි පිරිසක් එම අවස්ථාවේදී වැවට පැනීම නිසා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුන් බේරාගෙන තිබෙනවා.

කලබල වූ ඇතුන් දෙදෙනා ඉවත් කිරීමෙන් පසු පෙරහර අඛණ්ඩව වීදි සංචාරය කරවීමට කටයුතු කර ඇති අතර මෙහිදී කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.