දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හෙට (15) දිනයේ පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දුම්රිය නියාමක සංගමය, ස්ථානාධිපති සංගමය සහ දුම්රිය පාලකවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් හෙට පැවැත්වෙන වර්ජනයට සහභාගී නොවන බවයි සඳහන් වන්නේ.
කෙසේ නමුත් දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සමිතිය හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට දැනුම්දීමක් සිදුකර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ. ඩී.එස්. ගුණසිංහ සඳහන් කළේ.

