දුම්රිය විදුලි කාර්මික සේවකයින් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියකදී දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයින් පිරිසක් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඊයේ (24) සවස දෙවන දිනටත් ආරම්භ කළා.
ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හමුවී සාකච්ඡා කිරීමට දුම්රිය විදුලි කාර්මික සේවකයින් තීරණය කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

