කොළඹ සිට මඩකලපුව සිට ධාවනය වීමට තිබූ ශීඝ්‍රගාමී දුම්රියක වැසිකිළියක දමා ගොස් සිටියදී මාසයක්වත් වයසැති බිළිඳකු ඊයේ (10) රාත්‍රීයේ දී සොයා ගෙන තිබුණා.
අදාළ බිළිඳා මේ වන විට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා වනවා.
බිළිඳාගේ දෙමාපියන් හඳුනා ගැනීම සඳහා මේ වන විටත් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවත් අද (11) දිනයේ දී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් කොටුව පොලීසිය වැඩිදුරටත් පවසා සිටියා.

