ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද (25) දිනයේ යළි ගොඩ ගැනීමට නියමිතව තිබෙනවා.
මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව දේහය ගොඩ ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.
ඒ අනුව දේහය අද දිනයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩ ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළා.

