දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලාද? – දෙමව්පියන්ටම බලාගන්න ළඟදීම අවස්ථාව…….

News Iamges.00_00_00_00.Still2990

දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇත්දැයි දෙමාපියන්ට පෞද්ගලිකවම පරීක්ෂා කර බැලිය හැකි විශේෂ පරීක්ෂණ කට්ටල (Drug Test Kits) ඔසුසල් මඟින් පහසුවෙන් මිලදී ගැනීමට හැකි වන සේ වෙළෙඳපොළට හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව තිබේ.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කිරීම සඳහා ක්‍රියාවට නැංවෙන ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව, ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අතර, එහිදී මෙම තීරණය පිළිබඳ සාකච්ඡා කෙරිණි.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නවීන පහසුකම් ස්ථාපිත කිරීම, රස පරීක්ෂක කාර්යාලයේ කටයුතු කාර්යක්ෂම කිරීම සහ රස පරීක්ෂක වාර්තා ලබාගැනීමට නවීන තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කිරීම සහ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිවල සිදුවිය යුතු සංශෝධන පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ද අවසන් කර, එයද කඩිනමින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.