ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා මෙම උතුම් උත්සවය සමරන සියලුම ගොවීන්ට සහ පුද්ගලයින්ට ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් වේවායැයි මා එක සිතින් ප්‍රාර්ථනා කරමි.
අප මානව ශිෂ්ටාචාරය හා හැඩගැසී ඇති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඇති ප්‍රධාන කාර්යභාරය අවබෝධ කරගනිමින් ඒතුළින් වර්ථමානයේ ශ්‍රී ලාංකික කෘෂිකර්මාන්තයට එල්ල වන අභියෝග ජයගෙන අනාගතය පරපුර වෙනුවෙන් කටයුතු කරන අතරතුරදී, එහි බැඳී ඇති අපගේ කෘෂිකාර්මික සම්ප්‍රදායන්, සංස්කෘතියන්, සදාචාරයන්, මනුෂ්‍යත්වය සහ අපගේ සමාජය තුළ සහජීවනයේ බැඳීම් සුරැකීමට සහ සැමරීමට මෙන්ම, තෛපොංගල් උත්සවයේ වැදගත්කමට ගෞරව කිරීමට මෙය හොදම අවස්ථාවක් වන බවද මා විශ්වාස කරමි.
අද ශ්‍රී ලාංකීය ගොවීන්, මිනිසුන් ජීවත් කරවීමට අවශ්‍ය පෝෂණය සැපයීමේදී මුහුණ දෙන අරගලයන් කෘෂිකර්මාන්තයේ වැදගත්කම අවධාරණය කරයි. තෛපොංගල් උත්සවය භූමිය සමඟ අපගේ ගැඹුරු සම්බන්ධතාවය සහ ප්‍රජාවන් පෝෂණය කිරීමේදී ගොවීන් ඉටු කරන මූලික කාර්යභාරය පිළිබඳ සංවේදී මතක් කිරීමක් කල යුතුයි. තෛපොංගල් උත්සවය සැමරීමට අපි එක්වන විට, සියලු ජීවීන් කෙරෙහි දයාව, කෘතවේදීත්වය සහ ගෞරවය යන සාරධර්ම කෙරෙහි අපගේ කැපවීම යළිත් තහවුරු කිරීමේ අවස්ථාවක් කර ගමු. මෙම උත්සවය අපගේ කෘෂිකාර්මික සංස්කෘතියේ මූලයන් අගය කිරීමටත්, සාමකාමී සහ තිරසාර අනාගතයක් සඳහා අඛණ්ඩව කටයුතු කිරීමටත් පමණක් නොව, සතුන් කෙරෙහි සහජ කරුණාව, සමගිය පිළිබඳ හැඟීමක් පෝෂණය කිරීම සහ ඒ සඳහා වූ අපගේ සමාජය තුළ හවුල් වගකීම ද අවධාරණය කරයි.
හින්දු ආගම අදහන දෙමළ ජනයා සඳහා තෛපොංගල් සමය නව වසරක උදාව සනිටුහන් කරනවා මෙන්ම, නව අවස්ථා සහ ආරම්භය සංකේතවත් කරයි. මෙම උත්සවය සමරන ශ්‍රී ලාංකිකයන් සහ දේශසීමාවෙන් එතෙර සියලු දෙනාගේ ජීවිතවලට සෞභාග්‍යය, ප්‍රීතිය ගෙනදේවා යැයි මා ප්‍රාර්ථනා කරමි. සැමට අර්ථවත් හා සමෘද්ධිමත් තෛපොංගල් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමි.
මෛත්‍රීපාල සිරිසේන
පාර්ලිමේන්තු මන්ත්‍රී
06 වන විධායක ජනාධිපති


