තෙවැනි පාසල් වාරයේ අතරමැද නිවාඩු කාලය ප්‍රකාශයට පත් කෙරේ

school-van

2023 තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් 22 වැනිදායින් අවසන් වී දෙවන අදියර පෙබරවාරි 02 වනදා ආරම්භ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

තෙවැනි පාසල් වාරය පසුගිය නොවැම්බර් 01 වැනිදා ආරම්භ වූ අතර, උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 වැනි දින සිට පැවැත්වීමට නියමිත වීම හේතුවෙන් මෙලෙස තෙවන වාරය අදියර දෙකක් යටතේ පැවැත්වෙනවා.