ගලෙන්බිදුණුවැවට අද දින වර්ෂාපතනයක් නොලැබුනද තවමත් ගලෙන්බිදුණුවැව වාර්මාර්ග දේපාර්ථමෙන්තුව යටතේ පවතින හුරුළුවැව සහ අලුත් දිවුල්වැව වාන්දමමින් පවතින බව ගලෙන්බිදුණුවැව වාරි ඉංජිනේරු කාර්යාලය පවසයි.
මේ වන විට හුරුළුවැවෙන් වාන් ජලය ගණඅඩි 626 ක් ප්‍රමානයක් යාං ඔයට මුදාහැරෙන අතර අලුත් දිවුල්වැවේ දොරටු හතරක් අඩියක ප්‍රමානයකින් ජලය යාංඔයට මුදාහැරීමට කටයුතු යොදා ඇති බව හුරුලු වැව හා අලුත් දිවුල්වැව භාර වාරි ඉංජිනේරු දසුන් තිලකරත්න මහතා අප කල විමසීමකදී පැවසීය .මේ අතර ගලෙන්බිදුණුවැව කුඩා වැව් බොහොමයක් මේ වන විටත් පිටාර දමමින් පවතී.

