මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට දුරකථන ඔස්සේ තර්ජන සිදුකර ඇත්තේ, විදෙස් රටක සිට බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසනවා.
අදාළ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද, ඒ අනුව එම දුරකථන ඇමතුම් එකම දුරකථන අංකයකින් සිදුවන බවද, එම දුරකථන අංකය ගාල්ල ප්‍රදේශයේ යම් ලිපිනයක් සහිත දුරකථන අංකයක් වන නමුත් එම පුද්ගලයා දැනට ලංකාවේ නොමැති බවට අනාවරණයවී ඇති බවද ඔහු සඳහන් කළා.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යන අයතනවල සහාය ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

