තනතුරු තාන්න මාන්න එපා, රටට හොඳ දෙයක් වෙනව නම් අපේ සහයෝගය දෙනවා – සජිත්

sajith-premadasa-new

විපක්ෂයක් ලෙස රාජ්‍ය පාර්ශ්වයේ අඩුපාඩු කම් පෙන්වා දුන්නත් ප්‍රබුද්ධ දේශපාලන ක්‍රමයක් තුළ සුබවාදී, හරවත්, ධනාත්මක දෙයක් වෙන විට ඒ දිහා ප්‍රශංසා නොකර අහක බලන් සිටිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

හොද දේ හොද යැයි අගය කිරීමට කශේරුකාවක් තිබිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ බංකොලොත් ශ්‍රී ලංකාව එම බංකොලොත්භාවයෙන් ගොඩ ගන්නා ක්‍රියාදාමයේ දී රටට යහපත් දෙයක් වෙනවා නම් එය අගය කරන බවයි.