දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා රාජ්‍ය බැංකුවලින් ණය ලබාගත් දේශපාලකයින්ගේ ණය කප්පාදු කිරීමට ඇතැමුන් උත්සාහ කරන බව චරිත හේරත් මන්ත්‍රීවරයා පවසනවා.
මෙරට ප්‍රධාන රජයේ බැංකුවල බොල් ණය බවට පත්ව ඇති ඇතැම් ණය ලබාගත් පිරිස් තවමත් තම ව්‍යාපාර කටයුතු සිදුකරමින් ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මාතලේ ප්‍රදේශයේ දේශපාලඥයෙක් හෝටලයක් සඳහා ලබාගත් ණය නොගෙවා සිටියද හෝටලය තවමත් පවත්වාගෙන යන බවද, නැගෙනහිර පළාතේ දේශපාලඥයෙක් තම ව්‍යාපාරවලට විශාල ණයක් ලබාගත්තද, ඔහු එම ණය නොගෙවා එම ව්‍යාපාරයෙන් ඉවත්ව වෙනත් ව්‍යාපාරයක් සිදුකරන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
එබැවින් ප්‍රධාන බැංකුවල මෙවැනි නොගෙවූ ණය තිබෙන බල සම්පන්න පුද්ගලයින්ගේ ණය වහාම අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් යෙදිය යුතු බව ආණ්ඩුවට අවධාරණය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ

