ඩොලරයේ මිල පහත වැටුනද භාණ්ඩ මිල පහත වැටීමක් සිදු නොවන්නේ ඩොලරය පහත වැටීම සිදුවන්නේ ආර්ථික ක්රියාවලියේ සිදුවූ පරිවර්තනයක ප්රතිඵලයක් නොවන නිසා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ හේතුවෙන් ඩොලරය 350 ක ප්රමාණයේ තිබෙනවාට වඩා අද ඩොලරය 300 ට පැමිණි විට ජීවත්වීමට අපහසු තත්ත්වයක් පැමිණ ඇති බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.
ආර්ථිකය හැකිලීම මඟින් මිලදී ගැනීමේ හැකියාව අඩුවන බවත් ඉල්ලුම අඩුවන විට උද්ධමනය ඉබේටම පහත බැසීම සිදුවන අතර ආනයන වියදමද අඩුවීමක් සිදුවූ බවද ඔහු සඳහන් කළා.
එසේම මේ වනවිට විදෙස් ණය ගෙවීමක් සිදුනොවන බවත් ණය ගෙවීමට හෝ භාණ්ඩ ගෙන්වීමට ඩොලර් වැය නොවන නිසා බැංකුවල ඩොලර් ඉතිරි වූ බවත් මේ හේතුවෙන් ඩොලරයට තිබූ ඉල්ලුම පහත බැසීම හේතුවෙන් පසුගිය දිනවල අස්වාභාවික ලෙස ඩොලරය පහත වැටුනු බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.
ඩොලරය පහළ යන්නේ ආර්ථික ක්රියාවලියේ පරිවර්තනයක් නිසා නොවෙයි – අනුර කුමාර දිසානායක
-
සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 23 ඉක්මවයි….
Read more >> -
නුවරඑළිය සහ මාතලේ දිස්ත්රික්කයන් හී නායයෑමේ අවදානමට ලක්වූ පාසල් ගැන තීරණයක්…..
Read more >> -
රන් මිල රු 12,000කින් ඉහළට…..
Read more >> -
පහළ කඩුගන්නාවෙන් ඉහළ පහළ යන අයට දැනුම්දීමක්….
Read more >> -
ඉදිරියේදී ඇතිවිය හැකි කාලගුණ වෙනසට ආපදා කළමනාකරණය සූදානම් වෙයි….
Read more >> -
සූරියකන්ද පොලීසියේ වැඩ තහනම් කළ නිලධාරියාගේ ප්රකාශයට පොලීසියෙන් නිවේදනයක්…..
Read more >> -
අම්බලන්ගොඩ කෝසල ඝාතනයට හිටපු පොලිස් ලොක්කෙකුගේ නමකුත් ඈඳෙයි….
Read more >> -
ජෑමර් පද්ධතියේ අර්බුදයෙන් බූස්සේ සැරටම කෙරෙන වැඩ හෙළිවෙයි….
Read more >> -
2025 මුල් මාස 11 දී රාජ්ය ආදායම රු. බිලියන 4,900 ඉක්මවයි….
Read more >> -
හීනටියන මහේෂ්ගේ ගෝලයෙකු වන ‘ජින්ගා’ අත්අඩංගුවට…..
Read more >>

