ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළයාමක්

R

ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළයාමක් යළිත් වරක් පෙන්නුම් කරන බව වාර්තා වෙනවා. ඒ අනුව වසරේ ගතවූ දින 30 ක කාලය තුළ ඩෙංගු රෝගීන් 8360 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1731 ක් ලෙසයි දැක්වෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය, වත්තල, ගොතටුව ප්‍රදේශවලින්, පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය සහ අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ යන ප්‍රදේශවලින් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.