ඩෙංගු මර්දනයට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස සියලු පළාත් පාලන බලධාරීන්ට උපදෙස්

dengue

ඩෙංගු මර්දනය සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස සියලු පළාත් පාලන බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඒ අනුව පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් කොමසාරිස්වරුන්, මහ නගර සභා කොමසාරිස්වරුන් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් කැඳවා මෙම උපදෙස් ලබාදුන් බවයි සඳහන් වන්නේ.

මේ සඳහා මහජනතාවගේ සහයෝගය සක්‍රීයව ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන බවයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර වැඩිදුරටත් සඳහන් කළේ.