ඩයනාට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

court-2

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එරෙහිව අභියාචනාධිකරණය විසින් ඉකුත් දා ලබාදුන් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දා තීන්දුවක් ලබාදී තිබුණා.

අභියාචනාධිකරණ තීන්දුවට එරෙහි ව සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.