ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
එම වාර්තාව කරුණු රැසකින් සමන්විත වුවද අවධානය යොමු කර ඇති විෂය ක්ෂේත්රය සම්බන්ධව තාර්කික හෝ විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයක් මත පදනම් නොවීමේ බරපතල ඌණතාවක් පෙන්නුම් කරන බව රජයේ අදහස බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
විශේෂයෙන් මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික සේවා සපයන ආයතනවල ක්‍රියාකාරිත්වය, එම ආයතන මේ වනවිටත් නියාමනය වන ආකාරය, තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්රයට අදාළ මූල්‍ය දත්ත, මෙම ක්ෂේත්රය ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂය, එය ඉටුකර ගැනීම සඳහා තිබෙන ප්‍රාග්ධන හැකියාව මෙන්ම ලෝක ප්රවණතා පිළිබඳ විධිමත් හැදෑරීමක් සහ විශ්ලේෂණයක් අවශ්‍ය බවද එහි සඳහන්.
එසේම, රජය ගෙන ඇති මෙම ප්‍රතිපත්තිමය තීන්දුව හේතුවෙන් මෙම වාර්තාවෙන් පෙන්වා දෙන ආකාරයේ බලපෑමක් ජාතික ආරක්ෂාවට එල්ල නොවන බවට වන තහවුරුව ද රජය සතු බවත් එහෙයින් මෙම වාර්තාව මෙන්ම තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්රයේ නිර්දේශ සැලකිල්ලට ගෙන ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමකදී අවසන් තීරණයක් ගන්නා බවයි රජය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට සඳහන් කළ කාරක සභා වාර්තාව ගැන රජයෙන් ප්‍රතිචාර
-
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය එළි දකියි…..
Read more >> -
ජුනි මාසයේ ගෙවුණු දින 7ට සංචාරකයින් 27,043ක් මෙරටට ඇවිත්……
Read more >> -
RMV හි වංචා සෙවූ කෝපා වාර්තාව නීතිපතිට පැවරීමට අනුමැතිය…..
Read more >> -
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කරයි…..
Read more >> -
විදෙස් ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට අනුගාමිකයින් ඇතුළු 10ක් අත්අඩංගුවට….
Read more >> -
අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ….
Read more >> -
පොහොර ආනයනය කිරීමේ සැලැස්මක් සකස්කිරීමට අවධානය….
Read more >> -
මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ගෙවීම අඛණ්ඩව….
Read more >> -
දිට්වා නිසා හානිය වූ පාසල්වල වත්මන් තත්ත්වය ගැන වාර්තාවක් ලබාදෙන්න – අගමැති…..
Read more >> -
කොස්ගොඩ පොලිස් වසමේ දුවේ මෝදර පොල් වත්ත ප්‍රදේශයේ සොහොනක වළදැමූ මිනියක් පසුවදා ගොඩගනී….
Read more >>

