ජාතික ජන බලවේගයේ යෝජනා ක්‍රියාත්මක කළහොත් නැවත රුපියලේ අගය පහත වැටී රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජාතික ජන බලවේගයේ මැතිවරණ පොරොන්දු තමා ආර්ථික විශේෂඥයන් මඟින් පරීක්ෂා කර බැලු බවත්, එම යෝජනා අනුව ලබන වසරේදී ඔවුන්ගේ වියදම ට්‍රිලියන 8.9ක් බවත්, බදු බර අඩු කිරීම වැනි එකවර කළ නොහැකි පොරොන්දු ඉටු කිරීමට යාමෙන් ආදායම ට්‍රිලියන 4.9ක් වන බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ට්‍රිලියන 04ක හිඟය ඔවුන් පියවා ගන්නේ කෙසේද කියා රටට පැවසිය යුතු බවද සඳහන් කළා.
එබැවින් ජනතාව මුලා කරන පොරොන්දු වෙනුවට සැබෑ ආර්ථික සැලැස්ම රටට හෙළි කරන ලෙස හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට අභියෝග කරන බවද, තමන් නඟන ප්‍රශ්නවලට පිළිතුරු නොදි මඟහරින ඔහු දිගටම ජනතාව රවටමින් සිටින බවයි හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ පැවති ජන රැලිය අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.


