ජාතික ජන බලවේගයට බලය හිමි පාලක පක්ෂය සහ විපක්ෂය සම සම මන්ත්‍රී ආසන හිමි අම්බලන්ගොඩ නගර සභාවේ 2026 අයවැය අද වැඩි ඡන්ද හතරකින් සම්මත විය. පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනා සහ ස්වාධීනව තේරී පත් වූ මන්ත්‍රීවරයකු ලෙස සභිකයින් 12 දෙනෙකු අය වැයට පක්ෂවන ලදී.සමගි ජන බලවේගය නියෝජනය කරන මන්තීන් පස් දෙනා පක්ෂයේ මතයට අනුව විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරණ බව පවසමින් විරුද්ධව ඡන්දය දුන්නද පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු පවසා සිටියේ පක්ෂයේ මතය කෙසේ වෙතත් ජනතාවාදී මෙවැනි අයවැයකට විරුද්ධ වීමට නොහැකි බැවින් තමාව පක්ෂය මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමටද හැකි නමුත් විරුද්ධව ඡන්දය දීමට නොහැකි බැවින් සභාවෙන් ඉවත්ව යන බව පවසා සභාවෙන් පිටවිය.
සර්ව ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයාද අද දින සභාවට පැමිණ සිටියේ නැත.
අම්බලංගොඩ- අනුරාධ ප්‍රියදර්ශන

