ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් හැටන් පොලිස් නිළධාරින්ට මානව හිමිකම් හා කාන්තා හිමිකම් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් .

Screenshot (1608)

11.03.2024 ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් හැටන් පොලිස් නිළධාරින්ට මානව හිමිකම් හා කාන්තා හිමිකම් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් .
මාර්තු 08 අද දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් නුවරඑළිය දිස්ත්‍රික් මානව හිමිකම් කොමිසන් සභාව මගින් මානව හිමිකම් හා කාන්තා හිමිකම් පිළිබඳව පොලිස් නිළධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටන් නගරයේ පිහිටි නුවරඑළිය දිස්ත්‍රික් මානව හිමිකම් කොමිසන් සභා කාර්‍යාලයේදී අද උදෑසන පැවැත්විණ ,
මෙම වැඩසටහන නුවරඑළිය ප්‍රාදේශීය මානව හිමිකම් දිස්ත්‍රික් සම්භන්ධීකරන නිළදාරිණි කුමුදු විතාන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මෙම වැඩසටහන සදහා හැටන් පොලිස් ස්ථානයේ නිලධාරීන් හා නිළධාරිනියන් පිරිසක් සහභාගි වී සිටියහ .
සටහනෙන් අනතුරුව නගරයේ ගමන් කරන ප්‍රදේශවාසීන්ට දැනුවත් කිරීමට කටයුතු කෙරිණ .