ජල විදුලිය නිපදවන්න ප්‍රමාණවත් ජලය ජලාශවල නැහැ – මහවැලි අධිකාරිය

R

ජල විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් ජලය ජලාශවල නොමැති බව මහවැලි අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත ලිපියක් මඟින් දැනුම් දී ඇති බව වාර්තා වනවා.

අපේක්ෂිත පරිදි වර්ෂාපතනය නොලැබීම හේතුවෙන් ප්‍රමාණවත් ජලය නොමැති බවයි මහවැලි අධිකාරිය විසින් ලිපිය හරහා දැනුම් දී තිබෙන්නේ.

දැනට පවතින ජලය කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය වන බැවින් ජල විදුලි නිෂ්පාදනය සඳහා මුදා හැරිය නොහැකි බව මහවැලි අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.