ජල බිල්පත් ගාස්තු නොගෙවීම නිසා පසුගිය වසර තුළ ජල පාරිභෝගිකයින් 80,970 දෙනෙකුගේ ජල සැපයුම විසන්ධි කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
මෙම පිරිස අතර ගෘහස්ත පාරිභෝගිකයින් ගණන 63,150 වන අතර, ගෘහස්ථ නොවන පාරිභෝගිකයින් සංඛ්‍යාව 17,820 ක් බවයි වාර්තා වෙන්නේ.
මෙසේ ජල සැපයුම් විසන්ධි කළ පාරිභෝගිකයින්ගෙන් රුපියල් මිලියන 1,909 ක මුදලක් ජලාපවහන මණ්ඩලයට අයකරගත යුතුව පවතින අතර හිඟ ජල ගාස්තු වශයෙන් රුපියල් මිලියන 6,118ක් මණ්ඩලයට අය කරගත යුතුව පවතින බවට සඳහන්.
ජල සම්බන්ධතා විසන්ධි කර ඇති පාරිභෝගිකයින්ට හිඟ ගාස්තු මුදලින් 25% ක මුදලක් ගෙවා යළි සම්බන්ධතාවය ලබාගත හැකි බවත්, ඉන්පසු ඉදිරි ගෙවීම් කටයුතු සිදුකරගෙන යා හැකි බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.

