ජනාධිපතිවරයා කතාවක් නොපැවැත්වූ පළමු නිදහස් සැමරුම් උළෙල ⁣මෙයයි – වසන්ත මුදලිගේ

wasantha-nidahas

ජනාධිපතිවරයා විසින් ජනතාව අමතා කතාවක් නොපැවැත්වූ පළමු නිදහස් සැමරුම ලෙස අද දින පාලකයන් සැමරූ ඊනියා නිදහස් සැමරුම ඉතිහාස ගතවන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා.

රට බංකොළොත් වී ඇති පසුබිමක, ජනාධිපතිවරයාට ජනතාව අමතා කීමට කිසිවක් ඉතිරි වී නොමැති බවද, ජනතාව පැමිණීම වළක්වාළමින් අධිකරණ නියෝග ලබා ගෙන, ජන සහභාගිත්වයෙන් තොරව පාලකයන් විසින් තනිව මෙය සැමරූවේ එබැවින් බව ද ඔහු පෙන්වා දෙනවා.

“නිදහස වෙනුවෙන් අඛණ්ඩ අරගලය” නමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද සංවිධානය කර තිබූ උද්ඝෝෂණය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.