ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (14) නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරයා එහිදී ඔක්තෝබර් 17 සහ 18 පැවැත්වෙන සමුළුවකටද සහභාගීවීමට නියමිත බවයි සඳහන් වන්නේ.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර චීන ජනාධිපති ෂී ජින් පිං සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතයි.

