පොහොට්ටුවේ නියෝජිතයින් සහ ජනපති අතර හදිසි හමුවක්

ranil-75-meet[1]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව අද (18) පෙරවරු 11.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම සාකච්ඡාව ආරම්භ වී ඇති බවයි සඳහන් වන්නේ.

සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් ඇතුළු පිරිසක් සහභාගී වී සිටින අතර පළාත් පාලන මැතිවරණය කල්යාම හේතුවෙන් ඒ සඳහා නාමයෝජනා භාරදුන් තම සාමාජිකයින් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.