ගෝලීය ජනගහනයෙන් 60%කගේ නිවහන ලෙස සහ ගෝලීය වර්ධනයට ප්‍රධාන දායකත්වය සපයන ලෝකයේ විශාලතම ආර්ථිකය ලෙස ආසියාවේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබෙනවා.
ටෝකියෝ හි පැවති ආසියාවේ අනාගතය පිළිබඳ Nikkei සංසදය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර තිබෙනවා.
චීනයේ ප්‍රකෘතිමත්වීම, ඉන්දියාවේ දේශීය ඉල්ලුම සහ ජපානය සහ දකුණු කොරියාව වැනි දියුණු ආර්ථිකයන්හි දායකත්වයේ සහායෙන් කලාපයේ අඛණ්ඩ වර්ධනය සඳහා ඇති හැකියාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

