චීනයෙන් ප්‍රදානය කළ භූමිතෙල් ධීවර ජනතාවට බෙදාදීම අද සිදුකෙරේ

bumithel-new

චීන රජය මෙරටට ප්‍රදානය කළ භූමිතෙල් ධීවර ජනතාව වෙත නොමිලේ බෙදාදීම අද (23) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද (23) උදෑසන පානදුර ධීවර වරායේදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කිරීමට නියමිතයි.

මෙහිදී භූමිතෙල් ඉන්ධන ලෙස භාවිත කරන බෝට්ටු 26000කට භූමිතෙල් ලීටර් 150 බැගින් බෙදා දීමට නියමිත බවයි සඳහන් වන්නේ.