කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත් වී ඊයේ (23) දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් යාමට සිටි 48 දෙනෙකුට විදේශගත වීමේ අවස්ථාව අහිමි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
ගුවන් යානයේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් ගුවන් යානයට ඊයේ (23) රාත්‍රී 8.00 ට නියමිත පරිදි පිටත්ව යාමට නොහැකි බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබුණා.
ඒ අනුව කොරියාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දැනුම්දීම අනුව එම පිරිස සඳහා නැවතත් ගුවන් ගමන් වෙන් කිරීමට සිදුවන බවයි මෙරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා සඳහන් කළේ.
මෙලෙස ගුවන් ගමන ප්‍රමාදවීම තුළ එම පිරිසගේ රැකියා අවධානමකට පත්විය හැකි බවත්, කෙසේ නමුත් අදාළ අංශ සමඟ සාකච්ඡා කර ඔවුන්ට නව දිනයන් ලබා ගැනීමට කටයුතු කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

