ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සංධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඒ අනුව විරෝධතාකරුවන් පා ගමනින් පාලම් තුන හන්දියට පැමිණි අවස්ථාවේ දී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවයි සඳහන් වන්නේ.
මේ හේතුවෙන් බොරැල්ල – කොට්ටාව ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

