ගුරුමාරු මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් හෙට සාකච්ඡාවක්

ministry-of-education

ගුරුමාරු මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට (20) අධ්‍යාපන අමාත්‍යංශය වෙත කැදවීමක් සිදුකර ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.

ඒ අනුව ගුරුමාරු සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැති ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට කටයුතු කරන බව රජය පසුගිය 17 වනදා නිවේදනය කළ අතර වෘත්තීය සමිති එය ප්‍රතික්ෂේප කර තිබුණා.