මාර්තු මාසයේ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව පවතින මිල යටතේම ගෑස් අලෙවිය සිදු කරන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කරන්නේ.
මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල වැඩි වීමක් සිදුවිය යුතු වුවද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීම හේතුවෙන් ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකරන බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

