පලස්තීනය සඳහා වන ද්විත්ව රාජ්‍ය සංකල්පය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ස්ථීර සහ ක්‍රියාකාරී පලස්තීන රජයක් පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටින අතරම බටහිර ඉවුරේ (West Bank) සිටින පදිංචිකරුවන් ඉවත් කිරීමට බලධාරීන් තීරණාත්මක පියවර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැද පෙරදිග රටවල් 10 ක තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී අවධාරණය කර තිබෙනවා.
එක් රාජ්‍යයක් පිහිටුවීම මගින් ද්විත්ව රාජ්‍ය විසඳුමක් ලබාදිය නොහැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
හමාස් සංවිධානයේ ත්‍රස්තවාදී ප්‍රහාර මෙන්ම ගාසා තීරයට දිගින් දිගටම බෝම්බ හෙලීම සාධාරණීකරණය නොකළ යුතු බව තරයේ ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සඳහා සාමකාමී යෝජනාවක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.


