ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

weather-warning-1

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (21) උදෑසන 8.00 සිට හෙට (22) උදෑසන 8.00 දක්වා එය වලංගු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ, යක්කලමුල්ල, බද්දේගම, ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රදේශවලට මෙලෙස නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.