ගම්පොළ, මහනුවර මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවකට අයත් ATM යන්ත්‍රයක් කිසියම් පිරිසක් විසින් ගලවා රැගෙන ගොස් ඇති බව පොලීසිය පවසනවා.
මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු වෑන් රථයකින් පැමිණ ආරක්ෂක නිලධාරියා ගැට ගසා ATM යන්ත්‍රය ගලවාගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
ඊයේ (24) රාත්‍රි 12.40ට පමණ මෙය සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

