ගණේමුල්ල සංජීව ඝාතනයට සැකපි​ට තවත් තිදෙනෙක් අත්අඩංගුවට

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

ගණේමුල්ල සංජීව ඝාතනයට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (22) දින අත්අඩංගුවට ගත් තිදෙනා ගම්පහ සහ උඩුගම්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව මෙම ඝාතනය සඳහා යොදා ගත් ගිනිඅවිය සන්තකයේ තබාගෙන අපරාධයට පෙර දින වෙඩික්කරු වෙත ලැබීමට සැලැස්වීම සම්බන්ධයෙන් ගම්පහ මල්වත්ත පාර, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම අපරාධයෙන් පසු වෙඩික්කරු සහ සෙසු සැකකාරිය ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කර අපරාධයකට ආධාර අනුබල දීම යටතේ 25 හැවිරිදි තරුණයෙකු සහ උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අයෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.